Friday, June 17, 2011

අයින්ස්ටයින්ගේ මොලේ!!!!!

අයින්ස්ටයින් කියන්නේ කවුද කියල අමුතුවෙන් කියන්න ඕන නෑනේ. 1905 දී Special relativity සංකල්පය අයින්ස්ටයින් විසින් පළමු වරට ඉදිරිපත් කළා.හැබැයි  හැමදාම වගේ කවුරුවත්  මුලින්ම ඔහොම දෙයක් ඉදිරිපත් කලාට ගණන් ගන්නේ නෑ.අනික මිනිහ ඒ කාලේ නිකම්ම ලිපිකරුවෙක් විතරයි.ඒ හින්ද  මේ ලිපිය හරියටම නිවැරදි කෙනා අතට පත්වෙන්න ටික කාලයක් ගියා.කවුද  මේ නිවැරදි කෙනා? ඒ තමයි Max Plank.ඔහු අයින්ස්ටයින්ට 1906 දී ලිපියක් ලිව්වා. එදා සිට හැමදාමත් අපි දකින ලෝකය වෙනස් විදිහකට දකින්න පුළුවන් උනා කිව්වොත් නිවැරදියි. 1916 දී general relativity ඉදිරිපත් කරපු අයින්ස්ටයින් මැරෙනකන්ම ගත කලේ තමන් මවාගත්ත ස්යිද්ධාන්තික ලෝකෙම තමයි.අන්තිම කාලේ වෙනකොට relativity සහ quantum physics එකට යා කරන්න විදිහක් හොයපු එක තමයි කලේ.හැබැයි ඒ වැඩේ තාමත් සාර්ථක වෙලා නෑ.
අයින්ස්ටයින් මැරෙනකොට වයස 76 යි. ඒ කියන්නේ 1955 වසර. මේ මරණය ගෙන මුලින්ම දැනගත්ත කෙනෙක් තමයි අයින්ස්ටයින්ගේ හොඳම යාළුවා උන Otto Nathan.එයා තමයි ඔක්කොම නෑයන්ට මේ ගැන දන්වල තියෙන්නෙත්. මරණ පරීක්ෂණය කලේ අයින්ස්ටයින් නිතර බේත් හේත් ගන්න ආපු Princeton රෝහලේ වැඩ කරපු දොස්තර Thomas Stoltz Harvey විසින්.එක කරලා තියෙන්නේ මරණයෙන් පැය 7 කින් පස්සේ. ඒ වෙනකම්ම අයින්ස්ටයින්ගේ මොලේ බොහොම සුරක්ෂිතව එයාගේ  ඔලු කට්ට ඇතුලෙම තිබ්බා.හැබැයි ඒ වැඩි වෙලාවකට නෙවෙයි.
මරණ පරීක්ෂණය වෙලාවේ Harvey විසින් අයින්ස්ටයින්ගෙ මොලය හිස සිට ගෙල පෙදෙස තෙක් කල කැපුමක් මගින් රහසේම එලියට ගත්ත.පළමු වතාවට සියවසේ බිහිවූ හොඳම මොලය දෑතට ගත්ත දොස්තර ඊට පස්සේ කලේ එක සමාන කෑලි 240 කට ඒක කපල වෙන්කරපු එක.Otto Nathan  මේක කරන හැටි බලාගෙන හිටියේ මොකුත් කතාවක් නොකරම බව සඳහන්.මේ දෙන්න අපහු බාර දුන්නේ මොලය රහිත මිනිය බව වෙන කවුරුවත් දැනගෙන හිටියේ නෑ.ඊට පස්සේ මිනිය පිලිස්සුවා.මේ දිහා ලෝකයම බලන් හිටියේ හරි දුකින්.

මේ වගේ රහසක් වැඩි කල තියෙන්නේ නෑනේ.එලි වෙනවා.අන්තිමේ දොස්තරට ජොබ් එක අහිමි උනත් මොලේ සුරක්ෂිතව තිබුන එක ගෙන කවුරුත් සන්තෝස උනා.මෙවැනි දීවල් මීට කලිනුත් වෙලා තියෙනවනේ.Carl Fredrich Gauss ගෙ මොළෙත් සංරක්ෂණය කරලලුනේ  තියෙන්නේ.ඒ ගැන විස්තර හොයාගන්න ටිකක් අමාරුයි වගේ.ගොඩාක් කාලෙකට කලින් හින්දා.පසු කාලීනව විවිධ පුද්ගලයින් පරීක්ෂණ වෙනුවෙන් මේ අයින්ස්ටයින්ගේ මොලය භාවිත කළා. මොලයේ ස්නායු උද්දීපනය කරන glial cells ප්‍රමාණය 76% කින්වැඩි බවත් මොලය තුල convolutions වඩා හොඳින් වැඩී තිබුන බවත් හෙළිවූ කරුණු වලින් උපුටා දැක්විය හැකියි. ගණිතමය කටයුතු වෙනුවෙන් අදාළ පෙදෙස සෙසු අයට වඩා 15% ප්‍රමාණයකින් විශාල බවත් ඔවුන් විසින් හෙලිකලා.

 එතකොට අයින්ස්ටයින්ගෙ මොලයේ විශේෂත්වය සිතීමෙන් පමණක් ඇති කරගත්ත එකක්ද කියල අහන්න එපා.ඉපදෙනකොටම එහෙම තිබ්බද දන්නෙත් නැහැනේ. එක හොයල බලන්න වටිනා කාරණයක් තමයි.
TRAINING AND THINKING BUILD THE BRAIN OR BORN WITH IT?????!!!!
ඔය මොනවා කිවත් genius is born or made ..??? ප්‍රශ්නයටත් උත්තරයක්‌ නෑ. ඔය දෙකම බලපානවා වෙන්න ඇති.හැබැයි අපිට ඉපදිලා තියන විදිහ වෙනස් කරන්න බෑනේ.


නමුත් අපිට මෙහෙම හිතන්න පුළුවනි. යමක ගැන හිතන්න හිතන්න ඔය convolutions ප්‍රමාණය( රැලි) වැඩි වෙනවා.ඒ වගේම ගොඩක් හිතන කෙනාගේ මොලයට පෝෂණය ලබාගන්න මොලයම උත්සාහ කරන බව හොයාගෙන තියනවා. එහි ප්‍රතිපලයක් ලෙස මොලයේ glial cells ප්‍රමාණය ඉහල යනු ඇති. පෝෂණය ලැබෙන නිසා මොලේ විශාලත්වයත් වැඩි වෙනවා.එතකොට ඒ පුද්ගලයා ඉහල තාර්කික බුද්ධියක් සහිත කෙනෙක් වෙනවා කියන එක තමයි නිගමනය.අපි නොකරන්නේත් ඔය හිතන එකනේ.මේ දවස්වල මම ඔය ගැන ලිපි හොයමින් කියවනවා.ඉතින් ඉදිරියේදී ඒවත් පල කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ කියන්නේ වඩාත් හොඳින් මොලේ පාවිච්චි කරන හැටි.භාවනා කිරීම කියන්නෙත් මොලේ හොඳට වෙහෙසවන වැඩක්.ඉතින් ඔය මොන විදිහකට හරි මොලේ වෙහෙසන්න ඕන.නැත්තම් ඔය උඩින තියන ක්‍රියාවලියේ අනිත් පැත්තත් වෙන්න පුළුවනි.!!!!!!!
 මේ ගැන තව හොයල බලන්නයි ඉන්නේ මම.මොලේ පාදගන්න ඕන අයට උදව්වක් විදිහට.:) :)
දැනට ඇති මේ ලිව්වා....!!!!!

Saturday, June 11, 2011

පලවෙනි post එක!!!!

බ්ලොග් එකක් නිකම්ම තියාගෙන ඉන්නේ මොකද කියල හිතල තමයි මේ ලියන්න ගත්තේ. මට මේ දවස්වල කරන්න කියලත් විශේෂ වැඩ නෑනේ. ඒ හින්ද පොත් කියවපු එකයි ෆිල්ම් බලපු එකයි එක එක දේවල් හිත හිත හිටපු එකයි තමයි කලේ.
ලෝකේ හරි අමුතුයි කියල මට හිතුන.අපි මේ හැමදෙයක්ම කරන්නේ හොඳ රටට වැඩදායි කෙනෙක් වෙන්නමද???? මට හිතෙන්නේ අපිත් හැමෝම වගේ දුවන්නේ සල්ලි පස්සෙම තමයි.කැම්පස් වැහුනෙත් ඔය හින්දමනේ.සල්ලි කියන්නේ සැප තමයි කියලනේ හිතාගෙන ඉන්නේ.ඉතින් එහෙම නැතුවය නේද? ACකරපු කාමරයකට වෙලා හොඳට කාල බීල prado,montero, limosine වල එහෙ මෙහෙ යන්න කවුද අකමැති!!!! තව ඉතින් බලතල එහෙම තියාගෙන අන කර කර ඉන්න එහෙම හරි කැමතියි. කොටින්ම අපි ඒගෙන ගන්නෙත් ඒකට වගේ කියල මට හිතෙනවා.කවුද යකෝ කැමති ගිනි අව්වේ දාඩිය පෙරාගෙන වැඩ කරන්න? එහෙම උන්ට ජීවත් වෙන්න කියල හොඳ පඩියක්‌වත් හම්බවෙන්නේ නෑනේ. :)
මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ සැප විඳීමේ ආසාව තමයි ඉතින්. :(  සාමාන්‍ය කෙනෙක් මේ ලෝකේ සැප හොයාගෙන යනවා.ටිකක් ආගම දහමට බර අය එන ආත්ම වල සැප හොයනවා.කොටින්ම කුටියකට වෙලා භාවනා කරන කෙනත් හොයන්නේ ආද්‍යාත්මික සැපත තමයි.ඔය වැඩේට මොකක් හරි case එකක් අදුනොත් ඔන්න කෑකෝ ගහන්න පටන් ගන්නවා.ඕන දේ නෙවිනේ අපි මේ කරන්නේ.හරියට තාරාවන්ගේ බිත්තර රකින කිකිළියෝ වගේ.
මිනිස්සු මැව්වේ දෙවියන් වහන්සේ නම් උන්වහන්සේට ඒ වැඩේ control නැතුව ගිහින්. නැත්තම් එතුමත් අමතක වීමේ ලෙඩකින් පෙළෙනවා වෙන්න ඇති.හරියට අපේ මිනිස්සු වාගේ.මූලික පරමාර්ථය අමතක වෙලා........
එතකොට අද කාලේ ඉන්න සුදුසුම විදිහ මොකද්ද??? මතුපිටින් පේන විදිහට නම් කවුරු හරි බලවත් අය කීප දෙනෙක්  අල්ලාගෙන මිනිස්සුන්ට ආසා දේවල්  දීල(ඔය business කියන්නේ ඕකට තමයි) පුළුවන් තරම් හම්බ කර   ගන්න එක තමයි.!!!! එතකොට උන් ඔක්කොම එකතු වෙලා තමුන්ව  මුරුංග අත්තේ තියයි!!!
 ඔය වැඩෙත් එච්චරම නරකයි කිව්වට ඒකත් ධාර්මිකව සාධාරණව කරන්න පුළුවනි. හැබැයි,සල්ලි පස්සේ නිල තල පස්සේ පන්නන එකත් හරිම වෙහෙසකාරී වැඩක්.එතකොට  ඔය මතුපිටින් පේන සැප ඇත්තටම නැතිවෙලා යන්න පුළුවන්.
මට නම පාඩුවේ ඉන්න තියෙනවනම් අවුලක් නැතුව ලොකු දෙයක්!!! මේ වද වලින් බේරිලා............
--------------------------------------------------------------------------------------------------------
P.S.ඇත්තටම මෙච්චර වෙලා ලියපු එක ගැන මටම හරි සන්තෝසයි.!!!!මේ ඇති!!!