Saturday, June 11, 2011

පලවෙනි post එක!!!!

බ්ලොග් එකක් නිකම්ම තියාගෙන ඉන්නේ මොකද කියල හිතල තමයි මේ ලියන්න ගත්තේ. මට මේ දවස්වල කරන්න කියලත් විශේෂ වැඩ නෑනේ. ඒ හින්ද පොත් කියවපු එකයි ෆිල්ම් බලපු එකයි එක එක දේවල් හිත හිත හිටපු එකයි තමයි කලේ.
ලෝකේ හරි අමුතුයි කියල මට හිතුන.අපි මේ හැමදෙයක්ම කරන්නේ හොඳ රටට වැඩදායි කෙනෙක් වෙන්නමද???? මට හිතෙන්නේ අපිත් හැමෝම වගේ දුවන්නේ සල්ලි පස්සෙම තමයි.කැම්පස් වැහුනෙත් ඔය හින්දමනේ.සල්ලි කියන්නේ සැප තමයි කියලනේ හිතාගෙන ඉන්නේ.ඉතින් එහෙම නැතුවය නේද? ACකරපු කාමරයකට වෙලා හොඳට කාල බීල prado,montero, limosine වල එහෙ මෙහෙ යන්න කවුද අකමැති!!!! තව ඉතින් බලතල එහෙම තියාගෙන අන කර කර ඉන්න එහෙම හරි කැමතියි. කොටින්ම අපි ඒගෙන ගන්නෙත් ඒකට වගේ කියල මට හිතෙනවා.කවුද යකෝ කැමති ගිනි අව්වේ දාඩිය පෙරාගෙන වැඩ කරන්න? එහෙම උන්ට ජීවත් වෙන්න කියල හොඳ පඩියක්‌වත් හම්බවෙන්නේ නෑනේ. :)
මේ හැම දෙයක්ම පිටිපස්සේ තියෙන්නේ සැප විඳීමේ ආසාව තමයි ඉතින්. :(  සාමාන්‍ය කෙනෙක් මේ ලෝකේ සැප හොයාගෙන යනවා.ටිකක් ආගම දහමට බර අය එන ආත්ම වල සැප හොයනවා.කොටින්ම කුටියකට වෙලා භාවනා කරන කෙනත් හොයන්නේ ආද්‍යාත්මික සැපත තමයි.ඔය වැඩේට මොකක් හරි case එකක් අදුනොත් ඔන්න කෑකෝ ගහන්න පටන් ගන්නවා.ඕන දේ නෙවිනේ අපි මේ කරන්නේ.හරියට තාරාවන්ගේ බිත්තර රකින කිකිළියෝ වගේ.
මිනිස්සු මැව්වේ දෙවියන් වහන්සේ නම් උන්වහන්සේට ඒ වැඩේ control නැතුව ගිහින්. නැත්තම් එතුමත් අමතක වීමේ ලෙඩකින් පෙළෙනවා වෙන්න ඇති.හරියට අපේ මිනිස්සු වාගේ.මූලික පරමාර්ථය අමතක වෙලා........
එතකොට අද කාලේ ඉන්න සුදුසුම විදිහ මොකද්ද??? මතුපිටින් පේන විදිහට නම් කවුරු හරි බලවත් අය කීප දෙනෙක්  අල්ලාගෙන මිනිස්සුන්ට ආසා දේවල්  දීල(ඔය business කියන්නේ ඕකට තමයි) පුළුවන් තරම් හම්බ කර   ගන්න එක තමයි.!!!! එතකොට උන් ඔක්කොම එකතු වෙලා තමුන්ව  මුරුංග අත්තේ තියයි!!!
 ඔය වැඩෙත් එච්චරම නරකයි කිව්වට ඒකත් ධාර්මිකව සාධාරණව කරන්න පුළුවනි. හැබැයි,සල්ලි පස්සේ නිල තල පස්සේ පන්නන එකත් හරිම වෙහෙසකාරී වැඩක්.එතකොට  ඔය මතුපිටින් පේන සැප ඇත්තටම නැතිවෙලා යන්න පුළුවන්.
මට නම පාඩුවේ ඉන්න තියෙනවනම් අවුලක් නැතුව ලොකු දෙයක්!!! මේ වද වලින් බේරිලා............
--------------------------------------------------------------------------------------------------------
P.S.ඇත්තටම මෙච්චර වෙලා ලියපු එක ගැන මටම හරි සන්තෝසයි.!!!!මේ ඇති!!!

7 comments:

  1. නියමයි මචං:) පළවෙනි ලිපියෙන්ම මේ වගේ වැදගත් මාතෘකාවක් ගැන කතාකරපු එක ගැන හරිම සතුටුයි. මේ කියල තියන දෙවල් වලට මම 100%ක් එකඟයි. "රටට වැඩදායී පුරවැසියෙක් වෙන්න ඉගෙනගන්නවා" කියන එක කවදාවත් සිදු නොවිච්ච, සිදු නොවන දෙයක් කියලා මමත් හිතනවා. ඒක, ඉගෙනීමේ සැබෑ අරමුණ වන බලය, ධනය හා සැපවත් ජීවිතයක් ගතකිරීමේ අවශ්‍යතාව ආවරණය කරන්න යොදාගත්ත තිර රෙද්දක් හා සමානයි...
    දිගටම ලියන්න...:D

    ReplyDelete
  2. හි හී අනේ කැබෝ උබට ගිය කලක් :P, මේ word verification මගුලත් අයින් කරලා දාපන් :P

    ReplyDelete
  3. I remember the time you use to amuse us with a paper made by your very own when we were in the 7th grade.I was always looking forward for your new issue of paper to arrive.So here you are with your new blog site.Im sure that you will make us amuse again.Keep the good work up.Wish you luck !!!

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. @Lahima. Properly said.
    @Cabee. Weldone dude. Wish u the very very very best. (Dumpy)

    ReplyDelete
  6. @ Lahima>> Yeah,mchn!! That was merely targeted amusing people and joking at them,or we can say smiling at our selves!!! Those days I am much popular with that paper and surely it laughed you people lot,and including me at all!!!
    But this was something serious and of cause,I writing with my old fashion,right??? I'M NOT GONNA LOOSE IT!!!!( and gud luck with studies machn,how is it in Georgia???)
    @ Belated Humpty Dumpy>> thanks machoo...Pitty you were not there @ grade 7 and 8 around me...Lahima witness lot with me ,and of cause dear Lansee!!!! And gud luck!!!

    ReplyDelete
  7. මං හිතන්නේ, ලංකාවේ මිනිස්සු තමන්ගේ හා අනුන්ගේ රැකියාවන්ට ගරු නොකිරීම තමයි හා රැකියා‍ව තුලින්ම සතුටක් නොලැබීම මේ වගේ ප්‍රශ්න වල‍‍ට ‍හේතුව.

    ReplyDelete